29.4 C
Galle

ගෑස් නැව නෑ. rata.lk පුවත නිවැරදියි

Published:

ගෑස් සහිත නෞකාවක් ජූලි මස 06 වැනි දා සහ 07 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටිය ද rata.lk අපි එම පුවත එලෙසින් වාර්තා කළේ නැත.

අප පෙන්වා දුන්නේ ලිට්‍රෝ සමාගම කෙසේ කීව ද මේ වනවිට රටේ ඇති මූල්‍ය අර්බුදය සහ මෙරට ක්‍රියාත්මක වන ගෑස් ජාවාරමක් හේතුවෙන් එලෙස නැවක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවය. අපගේ අනාවරණය අනුව අවම වශයෙන් ගෑස් නැවක් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාව ඇත්තේ ජූලිි මස 15 හෝ ඊට ආසන්න දිනයක දී ය. නමුත් එය ද නොපැමිණීමට ඉඩ ඇති බව දැනට තහවරු නොවූ ආරංචිමාර්ග පවසයි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ මෙට්‍රික් ටොන් 3,724ක් රැගත් නෞකාව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙරටට පැමිණීම ප්‍රමාදවන බවයි. නමුත් එය ලබන 09 වැනි දා පැමිණෙනු ඇතැයි ද ලිට්‍රෝ සභාපතිවරයා පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!