27.1 C
Galle

කොළඹ උණුසුම්වෙයි. පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (වීඩියෝ සහිතයි)

Published:

ජනාධිපති නිල නිවස ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පොලිිසය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

චැතම් වීදියේ තිබූ පොලිස් මාර්ග බාධක පෙරළමින් විරෝධතා කරුවන් ඉදිරියට යාමට උත්සාහ ගැනීම ‍හේතුවෙන් පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ උප සභාපති රෙහාන් ජයවික්‍රම ඇතුළු පිරිස් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් බස් රථයක නංවාගෙන කොළඹ වරාය පොලිසියට ගෙනගොස් ඇත. පොලිස් ප්‍රහාර නොතකා ජනතාව තවමත් ජනාධිපති මන්දිරය දෙසට දිවෙන චැතම් පාර අවහිර කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි සටන්පාඨ කියමින් රැඳී සිටිති.

Related articles

spot_img
error: Content is protected !!