27.1 C
Galle

ශ්‍රී ලංකාවේ ලක්ෂ 62කට ඊළඟ කෑම වේල නෑ

Published:

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 62ට වැඩි පිරිසක් තමන්ගේ ආහාරවේල පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ (06) නිකුත්කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 6,260,000ක් හෝ නිවාස 10ක් සැළකූ විට ඉන් 03ක ජීවත්වන පුද්ගලයන් එක් කෑම වේලක් ලබාගත් පසු ඊළඟ කෑම වේල ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතව දිවි ගෙවන බවයි.

උද්දමනය වාර්තාගත ලෙස ඉහළ යාම, ඉන්ධන මිල වැඩිවීම සහ භාණ්ඩ හිඟය මීට සෘජුව බලපා ඇති බව ද ලෝක ආහාර වැඩසටහ‍න නිකුත්කර ඇති වාර්තාවේ දැක්වේ.

මේ අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 61%ක් ම තමන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය මේ වනවිට අඩුකර ඇතැයි ද පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම ද අඩුකර ඇතැයි ද එහි දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!