27.1 C
Galle

පාස්පෝට් පොළිමේ සිටි කතක්, දරුවකු ප්‍රසූත කරයි

Published:

බත්තරමුල්ලේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝළිමක අද (07) රැඳී සිටි කාන්තාවක් අලුයම දරුවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ.

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව සිය විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පැමිණ පෝළිමේ රැඳී සිට ඇත. මෙම කාන්තාව ප්‍රසූත වේදනාවෙන් පෙළෙන බව දැනගත් හමුදා නිලධාරීන් ඇය රෝහල්ගත කිරීමට කටයුතු  කර ඇති අතර කෙසේ වෙතත් ඒ වනවිටත් ඇය දරුවා බිහිකර තිබුණු බව කියයි.

එම කාන්තාව කාසල් රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ කාන්තාව සහ දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!