27.1 C
Galle

දින තුනක් ඉන්ධන පෝළිමේ සිටි අයෙක් මියයයි

Published:

පයාගල IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (07) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසෙ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත පදිංචි හිලරි ප්‍රනාන්දු නමැති 60 හැවිරිදි ජංගම අයිස්ක්‍රීම් රථයක අළෙවි කරුවෙකි.

ඔහු දින 03ක් පමණ පෝළිමේ රැඳී සිටි බවත් අද අලුයම හදිසියේ ම අසනීප වී පෝළිමේ සිටි පිරිසක් එක්ව කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් ඇත. රෝහලේ දී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!