27.1 C
Galle

ආණ්ඩුව පන්නන “ගාලු විරෝධය”

Published:

ගෝඨාභය-රනිල් ඊනියා හවුල පන්නමු යැයි කියමින් සංවිධානය කර තිබූ “ගාලු විරෝධය” අද (07) සවස ගාල්ලේ දී පැවැත්විණි.

ගාල්ලේ නීතිඥයන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතා රැළිය දහවල් 12.30ට පමණ කාරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භ වී පා ගමනින් ගාල්ල නගරයට පැමිණිනි.

ඒ සඳහා විවිධ ආගමික නායකයන්, දේශපාලන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති, සිවිල් සංවධාන ඇතුළු බහුජන සංවිධාන 32ක් එක්ව තිබීම විශේෂත්වයකි.

ලබන 09 වැනි දා කොළඹ දී ආරම්භ වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවට ශක්තියක් සැපයීම සඳහා මෙම උද්ඝෝෂණය පවත්වන බව සංවිධායකවරු කීහ.

Related articles

spot_img
error: Content is protected !!