27.2 C
Galle

සෞඛ්‍යයට ඉන්ධන නෑ. රෝහල් අඩපණ වීමේ අවදානමක්

Published:

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඉන්ධන ලබාදීම සෑම සතියකම සිකුරාදා දිනවල දී නම්කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් සිදුවුව ද එය හෙට (08 සිකුරාදා) සිදු නොවන බවත් පැය 48කින් කල් දැමූ බවත් පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත දැනුම් දී තිබේ.

හෙට ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඇතැම් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් දැනටමත් ඉන්ධන පෝළිම්වලට එක්ව සිටින අතර මේ ලිපිය හදිසියේ ම නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ රටේ පවතින තත්වය යටතේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ඉන්ධන ලබාදිමේ වැඩසටහන සමාලෝචනය කරන බවයි. ඒ අනුව ඉන්ධන ලබාදෙන දිනය ගැන ඉදිරියේ දී දැනුම් දෙන බව ද ඔවුහු කියති.

Related articles

spot_img
error: Content is protected !!