27.2 C
Galle

ගාල්ලේ තෙල් පෝළිමක ගැටුමකින් තරුණයෙක් මියයයි

Published:

ගාල්ල දෙවට ඉන්ධන පිරිවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අචිර සාලින්ද නමැති 25 හැවිරිදි තරුණයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබයි.

දින ගණනක් තිස්සේ  තිබූ ඉන්ධන පෝළිමට පුද්ගලයකු පිටතින් සිය රථය ඇතුළු කිරීමට උත්සාහ ගැනීමේ දී මෙම ගැටුම ඇති වී තිබේ. තියුණු ආයුධයකින් කරන ලද පහරදීමක් හේතුවෙන් එම තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කළ පසු මිය‍ගොස් ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ තවත් තිදෙනකු රෝහල්ගත කර ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් අද (08) උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!