27.2 C
Galle

පාස්පොර්ට් පෝළිමේ සිටි ගැබිනිය දරුවා බිහිකළේ රෝහලේ දී. දරුවා තවමත් ජීවතුන් අතර

Published:

පාර්ස්පෝර්ට් පෝළිමේ සිටි කාන්තාව ඊයේ (07) දරුවකු ප්‍රසූත කළේ කාසල් රෝහලේ දී වත් එලෙස උපන් බිළිඳිය මියගොස් නැතැයි ද දරුවා කාසල් රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගන්නා බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇය එම ඒකකයට මාරු කිරීම හේතුවෙන් එවැනි පුවතක් පැතිරයන්නට ඇති බවද රෝහල් බලධාරීන් පවසයි.

හැටන් ප්‍රදේශයේ සිට පැමිණි ‍26 හැවිරිදි කාන්තාව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රැඳී සිට ඇත. ඊයේ අලුයම ඇය වැසිකිළියට ගිය අවස්ථාවවක දී ප්‍රසූත වේදනා ඇති වීම හේතුවෙන් යුද හමුදාව මැදිහත්ව එම කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.

රෝහල්ගත කිරීමෙන් පසු ඇය බිළිඳියක බිහිකළාය.

Related articles

spot_img
error: Content is protected !!