27.4 C
Galle

රටේ නැති ගෑස් නිශ්චිත භාණ්ඩයක් වෙයි

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට මෙරට වෙළෙඳ පොළේ නැතත් ඊයේ (08) මධ්‍යම රාත්‍රිියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර  “නිශ්චිත භාණ්ඩ” යටතට එක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙම ගැසට් නිවේදනය නිකත්කර තිබේ.

ගෘහස්ථ ගෑස් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය බැවින් එය නිශ්චිත භාණ්ඩයක් ලෙස වර්ග කර ඇත.

ගෑස් සහිත නැවක් ශ්‍රී ලංකාවට මීට දින කිහිපයකට පෙර පැමිණෙන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර තිබුණ ද පසුව කියා සිටියේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එය දින කිහිපයක් ප්‍රමාදවන බවයි. එම නැව අද කොළඹට සේන්දු වන බව ද කලින් කියා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!