26.4 C
Galle

සාමකාමී උද්ඝෝෂකයන්ට, පොලිසියෙන් එළව එළවා කඳුළු ගෑස් ප්‍රහාර (වීඩියෝ)

Published:

සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට කොළඹ දෙසට පැමිණෙමින් සිටි ජනතාවට පොලිසිය මේ වනවිට සෑම දෙසින් ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

කිසිදු දේපළකට හානි සිදුනොකර, කිසිම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ බලපෑම් නොකර තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උරුමකර දී ඇති ලෝකය පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකම් අනුව තම අදහස් ප්‍රකාශ කරමින් සාමකාමී උද්ඝෝෂණයක යෙදීම සඳහා පැමිණි ජනතාවට මෙලෙස පහර දීමට පොලිසිය අද (09) කටයුතු කළේය.

මේ වනවිට කොළඹ නගරය එකම යුද පිටියක් බවට පත්ව තිබේ.

සෑම තැනම තුවාල කරුවන් සිය ගණනක් සිටින බව ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!