26.4 C
Galle

අගමැති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි. ගෝඨාභය ආගිය අතක් නෑ. විපක්ෂ නායක රෝහලේ

Published:

උද්ඝෝෂකයන් කොළඹ වටලා ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමත් සමඟම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. එමෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධනට ද ඔහු දැනුම් දී ඇත්තේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

මේ වනවිට ජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එය අත්පත් කරගෙන ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටින තැනක් පිළිබඳ කිසිදු වාර්තාවක් නැත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හදිසියේ අසනීප වී රෝහල්ගත කර ඇත.

Related articles

error: Content is protected !!