ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් පිටවයාම සඳහා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිස ඇතැයි එහි සිටනි අපට තොරතුරු සපයන පුද්ගලයන් පවසයි.
අධිවේගී මාර්ගය ඔස්සේ ගිය ගුවන් හමුදා වාහන 15ක් සහ අධි සුඛෝපභෝගී වාහන කිහිපයකින් ඔහු මෙලෙස කටුනායක ගුවන් තොටුපොළට පිවිස ඇත
ඩුබායි බලා ගමන් ගන්නා යානයකින් ගෝටාභය රාජපක්ෂ රටින් පිටව යාමට සූදානම්ව සිටින අතර දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහු ඩුබායි වෙත ගොස් ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිත බවයි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. විපක්ෂ නායකවරයා හදිසි අසනීප තත්වයක් බව පවසමින් පුද්ගලික රෝහලටකට ඇතුලත්ව සිටියි.
කොළඹ වරායෙන් නාවික හමුදාවට අයත් සිඳුරල සහ ගජබාහු යන යුධ නෞකා දෙක මීට සුළු වේලාවකට පෙර කිසියම් පිරිසක් රැගෙන පිටව ගිය ව වරායේ හාබර් මාස්ටර් වරයා තහවුරු කරන අතර එහි ගිය පිරිස කවුරුන්ද යැයි කියන්නේ නැත.


