26.4 C
Galle

ජනාධිපති ලේකම් කාර්යාලයත් අරගලකරුවන් අතට. ජනාධිපති ගියේ නැතැයි ඔහුගේ හිතවත්තු කියති

Published:

ජනාධිපති ලේකම් කාර්යාල‍ය ද මේ වනවිට විරෝධතා කරුවන් විසින් තම බලයට නතුකරගෙන තිබේ. මාස කිහිපයක් පුරා ගාලු මුවදොර පිටිය අසළ විරොධතාකරුවන් කඳවුරුලාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකර සිටිය ද ඔහු ඉල්ලා අස්වූයේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ පුද්ගලික නිවසේ පදිංචිව සිටි අතර මිරිහානේ පිහිටි එම නිවස අරගලකරුවන් විසින් වටලා සිදුවූ ගැටුමෙන් පසු ඔහු දිගටම ජනාධිපති මන්දිරයේ ම රැඳී සිටියේය.

ජනාධිපතිවරයා සිය කාර්යාල කටයුතු සියල්ල සිදුකරන ලද්දේ කොළඹ ජනාධිපති මන්දිරයේ සිටිමිනි.  

මේ අතර අරගලකරුවෝ අද (09) වැනි දාට ‍පෙර ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්න යැයි ප්‍රකාශ කළ අතර එසේ නොවුනහොත් කොළඹට පැමිණ ධූරයෙන් පහකරන බවට ද දන්වා තිබිණි.

ඊයේ (08) කොළඹ වටකරමින් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව තරකර දින නියමයක් නැතිව කොළඹට ඇඳිරිනීතිය පැනවූව ද අද උදෑසන රටවටින් ජනතාව දුම්රිය, බස් සහ වෙනත් වාහනවලින් ලක්ෂ සංඛ්‍යාවක් පැමිණ අරගලය ආරම්භ කළහ.

මේ අතර කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවෝ දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට ද ඇතුළු වී සිටිති.

ජනාධිපතිවරයා රැගත් ගුවන් යූඑල් 308 නමැති යානයක් ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටව ගිය බවත් තවත් ප්‍රභූ පිරිසක් නාවික හමුදාවේ සිදුරල සහ ගජබාහු නෞකා දෙකෙන් පලාගිය බවත් පවසති.

නමුත් රජයේ ප්‍රකාශකයන් කියන්නේ ජනාධිපතිවරයා තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි. ඔහු රැඳී සිටින ස්ථානයක් ගැන කිසිවක් ප්‍රකාශ නොකරන අතර මෙවැනි තත්වයක් උද්ගත වී තිබිය දී කිසිදු ප්‍රකාශයක් ද මෙතෙක් සිදුකර නැත.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් පක්ෂ නායකයන් රැස්කිරීමට කටයුතු යෙදා ඇතැයි ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!