29.6 C
Galle

පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට එකඟ බව ජනාධිපති කියයි. සජිත් පක්ෂ නායක රැස්වීම මඟහරී

Published:

පක්ෂ නායකයන් රැස්කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් එම තීරණයට තමන් හිසනමා අවශ්‍ය ඉදරි පියවර ගැනීමට කැමැත්තක් ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.

ඒ අනුව අද (09) අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

මේ අතර රෝහල්ගත වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකට සහභාගී නොවන බව නිවේදනය කර තිබේ.

‍දේශපාලන විචාරකයන් පවසන්නේ අගමැතිධූරය භාරගන්නා ලෙස ආරාධනා කළ අවස්ථාාවේ දී එය භාර නොගෙන රනිල් අගමැති වූ පසු වෙනත් කතා කී සජිත් ප්‍රේමදාස අරගලය දැක රෝගාතුර වූ බවයි. එමෙන්ම ඔහු මෙවන් තීරණාත්මක මොහොතක දී පක්ෂ නායක රැස්වීම මඟහැරීම විපක්ෂ නායකධූරයේ වගකීම් පැහැර හැරීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

error: Content is protected !!