27.4 C
Galle

ජනපති, අගමැති දෙදෙනාම ඉල්ලා අස්වීමට සූදානම් ? පක්ෂ නායකයෝ ජනපතිට යන්න කියයි

Published:

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) සවස ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි සියලු පක්ෂ නායකයෝ ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා අද (09) මීට සුළු වේලාවක පෙර සිය කාර්යාල නිලධාරීන් සමඟ Zoom රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!