ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම සිය ධූරවලින් ඉල්ලා අස්වී කතානායකවරයා තාවකාලිකව ජනාධිපතිධූරයට පත්විය යුතුයැයි පක්ෂ නායකයන් තීන්දු කර ඇති බව වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසයි.
හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස්වී ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු තෝරාපත්කරගත යුතු බවත්, ඉන් අනතුරුව ඉක්මණින්ම මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයැයි ද එම රැස්වීමේ දී තීරණය කළ බව ද වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා facebook සටහනක් තබමින් පවසයි.
අද සවස පක්ෂ නායක රැස්වීම කිහිප Zoom ඔස්සේ පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අද (09) ප්‍රකාශ කළේ පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟවන බවයි.
ඒ අනුව පක්ෂ නායකයන් බහුතරයකගේ තීරණය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්විය යුතු බවට නම් ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රියේ ම සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සමඟම අමාත්‍ය මණ්ඩලය ද අහෝසිවන බැවින් තාවකාලික ජනාධිපති ධූරයට කතානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථානුකූළව පත්වීමමට නියමිතය.


