29.6 C
Galle

රනිල් ඉල්ලා අස්වන හැටි කියයි

Published:

අරගලයේ යෙදුණු ජනතාවගේ බලාපොරොත්තුව පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව කටයුතු කරන්නේ නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ බව සඳහන් කරමින් අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය අද (09) සවස නිවේදනයක් නිකුත් කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ අද පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ ජනාධිපති සහ අගමැති දෙදෙනාම ඉල්ලා අස්වී කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ධූරයට පත්ව පසුව පාර්ලිමෙන්තුවෙන් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු තෝරාගත යුතු බවයි.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වන බව ද ප්‍රකාශ කර ඇත.

Related articles

error: Content is protected !!