ගාල්ල නගරයේ ස්ථාපිත කර ඇති ගෝඨා ගෝ ගම ගාල්ල ශාඛාව වෙත පැමිණි අති විශාල පිරිසක් අද (09) උදෑසන සිට උද්ඝෝෂණයේ අඛණ්ඩව නිරතව සිටියහ.
ඔවුන් එක් අවස්ථාවක දී ආරක්ෂක අංශවල විරෝධය පවා නොතකා ගාලු කොටුපවුර මතට නැග උද්ඝෝෂණයේ යෙදුණු අතර නැවත ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ යෙදිණි.
ඉන්ධන නොමැතිවීම හේතුවෙවන් ඇතිවී තිබෙන ප්‍රවාහන අපහසුතා නිසා කොළඹ පැවැත්වෙන අරගලයට යාමට නොහැකි වූ පිරිස් මෙලෙස ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටියහ.






