29.6 C
Galle

සිරස News1st මාධ්‍යවේදීන්ට රනිල්ගේ නිවස ඉදිරිපිට දී ප්‍රහාරයක්

Published:

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළට ගොස් Go Home Ranil යැයි කියමින් පැවැත් වූ උද්ඝෝෂණයක් ආවරණය කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය විසින් බැටන් පොළු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ස්ථානයේ උද්ඝෝෂණය කරන ලද පිරිසට ‍පොලිසිය කඳුළු ගෑස් එල්ල කරද්දී එය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට මෙලෙස පහර දී ඇත.

තමන් මාධ්‍යවේදීන් බවත් සිදුකරන්නේ රාජකාරීමය කටයුත්තක් බවත් ඔවුන් ප්‍රකාශ කරද්දී මෙම ප්‍රහාරය එල්ල කළබව මාධ්‍යවේදීන් පවසයි.

Related articles

error: Content is protected !!