කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවෝ අද (09) රාත්‍රිය එහි ගත කිරීමට තීරණය කර ඇත.
මේ වනවිට එහි ඉතාමත් විශාල පිරිසක් රැඳී සිටන බැවින් එ් අවට දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා ද කාර්යබහුලවීමෙන් ඇමතුම් ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇත.
ජනාධිපති මන්දිරයෙන් හමුදාව සහ පොලිසිය ඉවත්වීමෙන් පසු එහි රසිසේ ගත කළ අරගලකරුවෝ පිහිනුම් තටාකයේ දිය නා, කාමරවල සුවපහසු ඇඳන්, පුටු ආදිය පවා පරිහරණය කරන ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජලායට එක්කර තිබිණි.
මේ වනවිට ජනාධිපති මන්දිරයේ අරගලකරුවන් සඳහා රාත්‍රී ආහාරය සැකසෙන බව ද පැවසේ.
අද (09) කොළඹට පැමිණි අරගලකරුවන් පවස්නනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ දෙදෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වනතුරු විරෝධතාවයේ අඛණ්ඩව නියැලෙන බවයි.
අද (09) සවස රැස්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයෝ තීරණය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා එම ධූරවලින් ඉවත් වී කතානායකවරයා තාවකාලිකව ජනාධිපතිවරයා ලෙස වැඩබැලීමට පත්කළ යුතු බවයි. ඉන්පසු පාර්ලිමේන්තුව රැස්වී ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කළ යුතු බව ද ඔවුන්ගේ තීරණ්‍ය විය.
මේ තීරණය කතානායකවරයා විසින් අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවෙත දැනුම් දී තිබේ.
(ඡායාරූප – ලංකාදීප)


