29.6 C
Galle

අගමැති රනිල්ගේ නිවස ගිනිබත් කරයි

Published:

අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.

අද (09) අරගලකරුවෝ විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයේ දී පොලිසිය විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළහ.

පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණය වූයේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. ඉන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

එම ප්‍රකාශයෙන් පසු විරෝධතා කරුවෝ “ගෝ හෝම් රනිල්” කියමින් අගමැතිවරයාගේ පුද්ගලික නිවස අසළ උද්ඝෝෂණය ආරම්භ කළහ.

අගමැතිවරයාගේ නිවසේ අතිවිශාල දේශීය විදේශීය පොත් එකතුවක් තිබිණි. ඒ අතර ඉතාමත් දුර්ලභ පොත් එකතුවක් ද වියි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු බුද්ධ ධර්මය පොත් සිය ගණනක් ද එහි තිබිණි.

Related articles

error: Content is protected !!