31.1 C
Galle

ගාල්ල, ජාඇල, ගල්කිස්ස තිදෙනකු අගමැති නිවස ගිනි තැබුවා යැයි අත්අඩංගුවට

Published:

අගමැති රනිල් වික්‍රමසිංහ පදිංචිව සිටි නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (09) රාත්‍රියේ ම ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් මෙතෙක් ‍කොල්ලුපිටිය පොලිසියේ රඳවා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, ගල්කිස්ස සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.

එම නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!