31.1 C
Galle

මාධ්‍ය මර්ධනයට එරෙහිව ගාල්ලේ විරෝධතාවක්

Published:

මාධ්‍ය මර්ධනය එරෙහි විරෝධතාවක් අද (10) දහවල් ගාල්ල නගරයේ දී පැවැත්විණි.

ඊයේ (09) කොළඹ අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට සිරස News1st මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජන සහ බලපෑම්, පහරදී්ම්වලට ඓහිව මෙම විිරෝධතාවව සංවිධානය කර තිබිණි.

මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ලෙසත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි නොකරන ලෙසත් ඉල්ලා සිටිමින් පැවැති මෙම උද්ඝෝෂණය සඳහා මාධ්‍යවේදීන්, දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!