29.6 C
Galle

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ. ඩීසල් පාර පුරා ගලා යයි

Published:

ඩීසල් තොගයක් රැගෙන ආ බවුසරයක් හපුතලේ බණ්ඩාරවෙල අතර ප්‍රධාන මාර්ගයේ දී අද (11) උදෑසන 6.30ට පමණ පෙරැළී ඩීසල් පිටතට කාන්දු වෙමින් පවතින බව වාර්තා වේ.

ලංකා අයිඕසී සමාගමේ ඩීසල් තොගයක් රැගෙන ත්‍රිකුණාමලයේ සිට මෙම බවුසරය පැමිණ ඇති බවත් එය හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසළ දී පෙරැළී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

එය පෙරැළී යනවිට ඩීසල් ලීටර 30,000ක් පමණ එහි තිබූ බව ද පැවසේ. මේ වනවිට මාර්ගය පුරා ඩීසල් ගලා යමින් පවතී.

බවුසරයේ රියදුරා තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත්කර ඇත.

Related articles

error: Content is protected !!