30 C
Galle

ගෑස් මිල තවත් වැඩි වෙයි

Published:

ගෑස් මිල තවත් වැඩි වෙයි.

ලිට්‍රෝ සමාගම අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50.00කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් කොළඹ දී අළෙවි වන නව මිල රුපියල් 4910.00ක් දක්වා ඉහළ යයි. අනෙකුත් නගරවල ගෑස් සිලින්ඩර අළෙවි වන මිල පහත වගුවේ දක්වා ඇත.

අඩුමිලට ගෑස් ලබාගැනීමට හැකියාව තිබිය දී වැරදි ලේඛන ඉදිරිපත් කරමින් වැඩි මිලට ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල දී ගෙන ඇතැයි මේ වනවිට කෝප් කමිටුවේ දී චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකාවේ ගෑස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවත්, එය පසුපස ආගමික නායකයකු සහ පැති මාරු දේශපාලයකු සිටින බවත් මෙම තොරතුරු කෝප් කමිටුව හමුවේ අනාවරණය වීමට පෙර rata.lk අනාවරණය කළේය. ගෑස් ටෙන්ඩරය වැඩි මිලට ලබා දෙන බව ද අපි එහි දී ප්‍රකාශ කළෙමු.

Related articles

spot_img
error: Content is protected !!