26.8 C
Galle

නව ජනාධිපති තෝරා පත්කිරීම 20 වැනි දා ?

Published:

නව ජනාධිපතිවරයා ලබන 20 වැනි දා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරගනු ඇතැයි වාර්තා වේ.

අද (11) පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී එළැඹි තීරණ අනුව මෙය සිදුවීමට නියමිතය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කතානායකවරයා තාවකාලික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි. ඉන් පසු 15 වැනි දා පාර්ලිමේන්තුව කැඳවීමටත් 19 වැනි දා ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාරගැනීමටත් නියමිතය.

දැනට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිධූරයට කිහිප දෙනකුගේ නම් යෝජනාවනු ඇති බවයි. එසේ නම් කිහිපයක් යෝජනා වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීම 20 වැනි දා පැවැත්වීමට නියමිතය.

දැනට ලැබෙන දේශපාලන ආරංචිමාර්ග අනුව ලබන 20 වැනි දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත අනුව තේරීපත්වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!