26.8 C
Galle

අරගලයේ දී හිසට වෙඩි වැදුණා යැයි කියූ තරුණයාගේ තුවාලය ගැන සැකයක් ?

Published:

අරගලයට සහභාගී වී සිටිය දී පසුගිය 09 වැනි දා හිසට වෙඩි වැදුණු බව පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයාගේ හිසට වෙඩි වැදී නැතැයි ද හිසෙහි ඇති තුවාලය මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූවක් බව වෛද්‍යවරු පවසාන බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ එම තරුණයා මේ වනවි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට වෙනත් වාට්ටුවකට මාරු කර ඇති බවයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකර ඇත. පසුව අධිකරණය විසින් දැනුම් දී ඇත්තේ සිද්ධිය ඇසින්දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙසයි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයෙන් හිස් පතොරම් කොපු කිසිවක් සොයාගත නොහැකි වූ බව ද පොලිසිය සඳහන් කර ඇත. අදාල සිද්ධිය වූ ස්ථානයේ ඇති පුද්ගලික බැංකුවක සීසීටීවී දර්ශන ලබාගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!