32.7 C
Galle

ඉන්දියන් යූරියා පොහොර සම්බන්ධ රසායනාගාර වාර්තාවක් එළියට එයි

Published:

ඉන්දියාවෙන් මෙරටට ලබාදුන් යූරියා මෙට්‍රික් ටොන් 40,000ස වී වගාව සඳහා භාවිතා කළ හැකි තත්වයේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

එලෙස දැනුම් දී ඇත්තේ එම පොහොර තොගයෙන් ලබාගත් සාම්පල රසායනාගාර පරීක්ෂනයකට ලක්කිරීමෙන් පසුවය. එම වාර්තාව මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති අතර එහි දැක්වෙන්නේ ඉන්දි‍යාවෙන් මෙරටට ගෙනඑන ලද යූරියා ප‍ොහෙ‍ාර තොගයේ බයියුරේට් ප්‍රමාණය 9%ක් බවයි. මීට පෙර ශ්‍රී ලංකාවේ භාවිතා කළ යූරියා පොහොරවල බයියුරේට් ප්‍රමාණය 1%කි.

මෙම වාර්තාවට අනුව පොහොර තොගය ගොවීන් වෙත බෙදාහැරීම ආරම්භ කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!