27.2 C
Galle

රාජපක්ෂලාට මත්තලින් පනින්නත් නොහැකි වෙයි

Published:

මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන පුද්ගලික ජෙට් යානයකින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු රටින් පිටවීමට උත්සාහ ගන්නේ යැයි තොරතුරු ලැබීමත් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ද සිය සේවයෙන් අද (12) ඉවත්ව තිබේ.

අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඩුබායි හරහා ඇමෙරිකාවට යාමට උත්සාහ ගත් බැසිල් රාජපක්ෂ එම උත්සාහය ව්‍යර්ථ වූ විට එතැනින් ඉවත්ව ගියේ.

ඔහු ‍හෝ රාජපක්ෂ පවුලේ වෙනත් සාමාජිකයන් පිරිසක් මත්තලින් පිටවීමට උත්සාහ ගන්නේ යැයි පැතිරගිය ආරංචි සමඟ මත්තල ගුවන් තොටුපොළේ නිලධාරීන් මේ තීරණය ගෙන ඇත.

එබැවින් පුද්ගලික ජෙට් යානයක් පැමිණිය ද ඔවුන්ට රටින් පිටවීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!