31.1 C
Galle

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට

Published:

ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (12) රාත්‍රියේ දී  මෙම වෙඩි තැබීම සිදුව ඇත.

නිවසක පැවැති සාදයක් අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයකු වෙඩි තබා ඇති අතර තුවාල ලබා ඇත්තේ කොරකීන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරදි අයෙකි.

ඌරගස්මංහන්දිය පොලිසිය පවසන්නේ වෙඩි තැබූ සැකකරු සහ ඔහු සතුව තිබූ ගිනිඅවිය අත්අඩංගුවට ගත් බවයි.

Related articles

error: Content is protected !!