26.8 C
Galle

අගමැති ලේකම් කාර්යාලයත් අරගලකරුවෝ අල්ලාගනිති

Published:

කොළඹ මල් පාරේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මීට සුළු වේලාවකට පෙර අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇත.

වැඩබලන ජනාධිපතිධූරයේ කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වන්න යැයි බලකරමින් ගාලු මුවදොර පිටියේ සිට අගමැති ලේකම් කාර්යාලය දක්වා උද්ඝෝෂකයන් පෙළපාලියකින් පැමිණි අතර කැරළි මර්ධන ඒකක ඔවුන් විසුරුවාහැරීමට උත්සාහ ගත්හ.

එසේ වුව ද මේ වනවිට ආරක්ෂක අංශ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ඉවත්ව ඇති අතර උද්ඝෝෂකයෝ එම ගොඩනැගිල්ල ඇතුළු වී එය අත්පත් කරගෙන එහි ඇතුළතත්, වහලය මතත් සිටිති.

Related articles

error: Content is protected !!