26.8 C
Galle

ගෝඨාට සිංගප්පූරු යාමට නොහැකි වෙයි. ඉල්ලා අස්වීමත් නෑ

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යාමට නොහැකි වී ඇත.

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානයකින් ඔහු සිය බිරිඳ සමඟ යාමට සූදානනම්ව සිටිය ද ආරක්ෂක ‍හේතු ම එය කළ නොහැකි විය.  ඒ අනුව හෙතෙම පුද්ගලික යානයකින් යාමට සැළසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමෙන් පසු ඊයේ (13) දිනය ඇතුළත සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකරන බව කියා තිබුණ ද ඔහුගේ සිංගප්පූරු ගමන ඇණහිටීමත් සමඟ එවැනි ලියුමක් අද (14) අලුයම වනතුරුම නිකුත් කර තිබුණේ නැත.

සිය ගමනාන්තය දක්වා ම රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාවව යටතේ යා යුතු බැවින් ඉල්ලා අස්වීමේ ලිිපිය ලබාදීම ප්‍රමාදවන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

error: Content is protected !!