27.6 C
Galle

Crypto ඇතුළු ඩිජිටල් මුදල් භාවිතය තහනම්

Published:

ක්‍රිප්ටෝකරන්සි ඇතුළු ඩිජිටල් මුදල් (අතත්‍ය මුදල්) භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

ඉන්ටර්නෙට් මගින් ප්‍රචාරය කෙරෙන මෙවැනි ඩිජිටල් මුදල් යෝජනා ක්‍රමවලට නොරැවටෙන ලෙස එහි සඳහන් කර ඇත. එවැනි මුදල් ඒකක යනු ඇතැම් පාර්ශව විසින් පුපද්ගලිකව නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් හුවමාරු කළ හැකි නියාමනයට යටත් නොවන ඩිජිටල් මුදල් වර්ගයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙවැනි ඩිජිටල් මුදල් නිකුත් කිරීමට කිසිදු ආයතනයකට බලය පැවරීමක් සිදු කර නොමැති බව මහ බැංකුව සඳහන් කරයි. එමෙන් ම පරිගණක ඔස්සේ ඩිජිටල් මුදල් නිර්මාණය කිරීම හෝ ඩිජිටල් මුදල් හුවමාරු කරගන්නා වෙළෙඳපොළක් ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර නැතැයි ද මහ බැංකුව සිය නිවේදනයේ දක්වා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!