27.6 C
Galle

ගෝඨාභය සිංගප්පූරු යන යානය මඟහරී. පුද්ගලික ජෙට් යානයක් එයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යාම සඳහා පුද්ගලික ජෙට් යානයක් භාවිතා කරන අතර එය අද සවස මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපෙ‍ාළෙන් පිටත්වීමට නියමිතය.

මීට පෙර ජනාධිපතිවරයා සිංගප්පූරු බලා පිටිත්වීමට නියමිතව තිබූ සෞදුි ගුවන් සේවයේ යානයක ගමන්කිරීම සඳහා ගුවන් ටිකට් පත් 04ක් ද මිල දී ගෙන තිබිණි. එසේ ගුවන් ටිකට්පත් මිල දී ගත්ත ද පෞද්ගලික ගුවන් යානයක් ද ඉල්ලා තිබුණු බව එරට මාධ්‍යවේදීහු අනාවරණය කළහ.

ඔවුන් දැන් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවේශ පත්‍ර මිල දී ගත් යානය මඟ හැර පුද්ගලික ජෙට් යානයෙන් අද සවස සිංගප්පූරු බලා යාමට සූදානමින් සිටින බවයි.

එම යානයේ ගමන් කිරීමෙන් ඔහු ඇතුළු පිරිස වැළකී ඇත්තේ ආරක්ෂිත හේතූන් මත බව ද පැවසේ.

ඔහු රැගෙන යාම සඳහා මේ වනවිට මාලේ ගුවන් තොටුපො‍ළට පුද්ගලික ජෙට් යානයක් පැමිණ තිබේ.

Related articles

spot_img
error: Content is protected !!