27.6 C
Galle

උද්ඝෝෂකයන්ගෙන් පහර කෑ කොස්පාල් සහ සෙබළා අසාධ්‍ය තත්වයේ

Published:

බත්තරමුල්ල පොල්දූවේ දී විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන්ගේ පහරදීමට ලක්වූ හමුදා නිලධාරියා සහ පොලිස් නිලධාරියා ඉතාමත් අසාධ්‍ය තත්වයක පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඊයේ සවස පාර්ලිමේන්තුව දෙසට යාමට පැමිණි විරෝධතාකරුවන්, කතානායක නිල නිවස අසළ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඔවුන් පළවාහාරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. එම අවස්ථාවේ විරෝධතාවයේ නිරත පුද්ගලයන් අතරට මැදි වූ මෙම පොලිස් නිලධාරියා සහ හමුදා නිලධාරීයා දැඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කෙරිණි.

හමුදා සෙබළා වැල්ලවායේ කඳවුරකට අනුයුක්තව සේවය කරන අයකු වන අතර පොලිස් නිලධාරිය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරන අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!