27.6 C
Galle

රාජපක්ෂලා අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක් ?

Published:

රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගත යුතුයැයි ද බ්‍රිතාන්‍ය පාර්ලමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිතවතුන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙම ඉල්ලීම කර ඇත්තේ බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ්.ඩේවි විසිනි.

ශ්‍රීමත් එඩ්.ඩේවි පවසන්නේ රාජක්ෂ පාලනය දූෂණ වංචා, බදු කපාහැරීම්, අධික වියදම් සහ අසීමාන්තික බලය යෙදවීම් මගින් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්කර ඇති බවයි.

ඔහු පවසන්නේ බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහායවීමට පූර්ණ ආර්ථික සහ දේශපාලනික විසඳුමක් ලබාගැනීමට උපකාර කළ යුතු බවයි.  ශ්‍රී ලංකාවට ඉක්මණින් ආර්ථික පැකේජයක් ලබා දීමට අවශ්‍ය බවත් එයට දේශපාලන පැකේජයක් ඇතුළත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගන්නා ජාත්‍යන්තර වරෙන්තුවක්ද ඇතුළත් විය යුතු බවත් ශ්‍රීමත් එඩ් ඩේවි ප්‍රකාශ කර ඇත.   

Related articles

spot_img
error: Content is protected !!