26.8 C
Galle

පාර්ලිමේන්තුව හෙට නෑ. ජනපතිගේ ඉල්ලා අස්වීම අනුව දිනය තීරණය වෙයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් ප්‍රකාශ කළ පරිදි පසුගිය 13 වැනි දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොකළ බැවින් හෙට පාර්ලිමේන්තුව රැස් නොවන බව වාර්තා වේ. 13 වැනි දා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූයේ නම් 15 වැනි දා පාර්ලිමේන්තුව රැස්වී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

නමුත් එය හෙට (15) සිදුවන්නේ නැත. එසේ වුව ද හෙට උදෑසන 10.00ට පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුවට සහ ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇත.

ජනාධිපතිවරයා අද (14) සිංගප්පූරුවට යාමෙන් පසු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළහොත් පාර්ලිලමේන්තුව රැස්වීම පවත්වන දිනය ඒ අනුව තීරණය කරනු ඇත.

Related articles

error: Content is protected !!