26.8 C
Galle

“ශ්‍රී ලංකා ජනාධිපති රැකවරණ ඉල්ලා නෑ. සංචරකයෙක් පමණයි”

Published:

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයාට ඒ සඳහා අවසර ලබා දී අති බවත්, ඔහු කිසිදු සරණාගතභාවයක් ඉල්ලා නොසිටි බවත් ඔහුට රැකවරණයක් ලබා දී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සරණාගත ඉල්ලීම් සඳහා සිංගප්පූරුව සාමාන්‍යයෙන් අවසර ලබා නොදෙන බවයි.

මහජන උද්ඝෝෂණ හමුවේ පසුගිය 13 වැනි දා තමන් ඉල්ලා අසවන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර නැත.

Related articles

error: Content is protected !!