26.7 C
Galle

කටින් පෙට්‍රල් ඇද්ද වෛද්‍යවරයෙක් මියයයි

Published:

කාරයේ තිබූ ඉන්ධන යතුරුපැදියට දැමීම සඳහා කටින් පෙට්‍රල් ඇද්ද වෛද්‍යවරයකු නිව්මෝනියාව සහ රුධියර විෂවීම හේතුවෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවයකු ලෙස කටයුතු කළ හාලිඇල පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරිය නැමති 30 හැවිරිදි වියේ පසු වූ වෛද්‍යවරයෙකි.

අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ ඔහු අනතුරුව මහනුවර ජාතික රෝහලටත් එතැනින් පසුගිය 11 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබිණි. කරාපිටිය රෝහලේ දී ඔහුට එක්මෝ ප්‍රතිකාරය පවා ලබාදුන්න ද ජීවිතය බේරාගැනීමට නොහැකිවිය.

නිව්මෝනියා තත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාමෙන් ඇති වූ කම්පන තත්වයෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්වන ලදී.

මියගිය වෛද්‍යවරයා එක්දරු පියෙකි. ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්‍ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි බව අනාවරණය වී තිබිණි. දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වල රැඳී සිටි මියගිය වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීම සඳහා බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ද ඥාතීන් පවසා ඇත.

ඉන් පසු රෝගී ව නිව්මෝනියා තත්වයට පත්වූ ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටිය දී එක්මෝ ප්‍රතිකාර සඳහා පසුගිය 11 වැනි දා කරාපිටිය රෝහලට මාරුකර එවා තිබිණි. ඊයේ (14) උදෑසන ඔහු මියගියේය.

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලදී.

Related articles

error: Content is protected !!