28 C
Galle

රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද

Published:

ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ දී 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් තහවුරු කරගැනීමෙන් පසු මෙතෙක් එම ධූරයේ වැඩබැලූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මාසයකට නොවැඩි කාලයක දී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ජනාධිතිවරයකු වීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීම සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!