26.7 C
Galle

රටපුරා යළි කොරෝනා පැතිරෙයි

Published:

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය පාලනය වීමෙන් පසු පසුගිය මාසය දක්වා දෛනිකව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10කට අඩු අගයක් ගෙන තිබිණි. නමුත් මේ වනවිට දිනපතා වාර්තාවන ආසාදියතන් සංඛයාව 15-25ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී තිබේ.

ඊයේ (14) කොරෝනා ආසාදිතයන් 19ක් වාර්තා වූ අතර 13 වැනි දා ආසාදිතයන් 23ක්, 11 වැනි දා ආසාදිතයන් 19ක් සහ කොරෝනා ආසාදිත මරණයක් ද වාර්තා විය. පසුගිය 10 වැනි දා කොරෝනා ආසාදිතයන් 17ක් වාර්තා වූ අතර 09 වැනි දා 21ක්, 08 වැනි දා 18ක්, 07 වැනි දා 20ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 393 දෙනෙක් රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

Related articles

error: Content is protected !!