26.7 C
Galle

ජනාධිපති ධූරයට තුන් කොන් සටනක්

Published:

බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපිතවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට මේ වනවිට තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ වනවිට ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපතිධූරයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළේය.

සමගි ජන බලවගේයේ පාර්ලිම්න්තු මන්ත්‍රී කණ්ඩායම අද සවස රැස්වී එම පක්ෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම ධූරය සඳහා පත්වීමට සූදානමින් සිටියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිවි තිබුණ ද දැන් මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉවත්වීම හේතුවෙන් බලය අඩුවී ඇති පොදු ජන පෙරමුණ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් රනිල් වික්‍රමසිංංහට ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.

ඒ අනුව ජනාධිපතිධූරය දැන් තුන්කොන් සටනක් වී ඇත.

Related articles

error: Content is protected !!