28 C
Galle

දිය නෑ දරුවා කිඹුලාට ගොදුරු වෙයි

Published:

සිය මවත්, පියාත් සමඟ වැවක දිය නාමින් සිටි වයස අවුුරුදු 07ක දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කඹුක්කඳන්වල පදිංචි චනුත් සත්සර නමැති දරුවෙකි. ඔහු කණ්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

කණ්ඩලම, කුඹුක්නද්වල දුන්න බිඳුණු වැවේ දිය නාමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත.

මියගිය දරුවාගේ පියා පවසන්නේ වැවේ කිඹුලන් සිටින බැවින් එහි දිය නෑමට නොඑන බවයි. නමුත් දරුවා දින ගණනක් පුරා වැවේ දිය නෑමට අවශ්‍යයැයි ඇවිටිලි කළ බැවින් මෙලෙස ආ බව ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!