ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන ලැබෙන අවස්ථාවේ දී ඉන්ධන පිරිවුම්හල් අසළට හමුදා ආරක්ෂාව අවශ්‍ය බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති කුමාර රාජපක්ෂ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට හමුදාව ඉන්ධනහල්වලින් ඉවත්ව ඇති බවයි. කලින් හමුදාව ටෝකන් නිකුත් කළ බවත් දැන් හමුදාව ඉවත්ව සිටින බැවින් ඉදිරියේ දී යම් ගැටලු මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වනවිට ඉන්ධන රැගත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


