26.7 C
Galle

දරු සෙනහසක තරම කියා දුන් අලි අම්මයි පැටියයි (සංවේදී වීඩියෝ දර්ශන)

Published:

වළක වැටී ඉන් ගොඩ ඒමට නොහැකිව හිරවුණු තම පැටවා බේරාගත නොහැකි වූ අලි අම්මාගේ හදවත නැවතී මියයමින් සිටියාය. වනජීවී නිලධාරීන් ද තවත් බොහෝ පිරිස් ද මියයමින් සිටින මේ මවගේ හදවත නැවත ක්‍රියාත්මක කරවීමට නොගත් ‍උත්සාහයක් නැත.

මේ අතර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන තවත් පිරිසක් අලි පැටවා ගොඩගත්හ. වළෙන් ගොඩ ආ පැටවා දුව යන්නේ තම මව අසළටය. මෙතෙක් හදවත නතර වී මියයමින් සිටි ඒ අම්මාගේ හදවත යළි පණ ලැබුවේය. අම්මාත් පැටවාත් අතර වූ මේ සිදුවීම දකින් මිනිසුන් හඩා වැටෙයි.

(මෙය විදේශ රටක සිදුවූවකි)

Related articles

error: Content is protected !!