අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න යැයි රනිල් වික්‍රමසිංහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂකට ඊයේ (15) උපදෙස් ලබා දී තිබේ.
ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනා වැඩබලන ජනාධිපතිවරයා හමුවී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටියහ. එම අවස්ථාවේ දී එතැනට පැමිණි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විමසා ඇත්තේ රන්ජන් නිදහස් කිරීමේ ක්‍රිියාදාමය කොතරම් දුරට අවසන්ව ඇත්තේ ද යන්නයි.
මේ වනවිටත් ඊට අදාල සියලු ලිපි ලේඛන සාදා අවසන්ව ඇති බවත් අගවිනිසුරුවරයා වෙත අදාල ලේඛන යොමුකිරීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මණින් රන්ජන් රාමනායකට නිදහස ලබාදීමට හැකියාව ඇති බවත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබෙනු ඇත.


