26.7 C
Galle

නීතිඥ සංගමය, රටේ ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

Published:

ජනාධිපතිවරයකු පත්කරගැනීමට නෛතික හා ව්‍යවස්ථාපිත යාන්ත්‍රණය අනුව කටයුතු කරමිින් සිටින මොහ‍ොතක එම බල සංකාන්තියට බාධා සිදුවන කිසිදු ක්‍රියාවක් නොකරන්න යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙරට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මේ ඉල්ලීම සිදුකර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාවේ නෛතික සහ ව්‍යවස්ථාපිත යාන්ත්‍රණය පිළිබඳ මහජන විශ්වාසය යථා තත්වයට පත්වන ආකාරයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත අනුව මෙය පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් 2022 ජූලි 09 වැනි දින හිටපු ජනාධිපතිවරයා පැවසූ පරිදි ඉල්ලා අස්නොවී වැඩබලන ජනාධිපතිවරයකු පත්කිරීමට සිදුවීමෙන් රට තුළ නිර්මාණය වී ඇති අස්ථාවරත්වය කඩිනමින් විසඳාගත යුතු යැයි ද නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත.

ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ කොට්ඨාසය ම නියේජනය කරන බවත් ජනතා පරමාධිපත්‍යයට සහ ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරමින් මෙම භාරදූර කර්තව්‍යය ඉටු කළ යුතුය යන්නත් නීතිඥ සංගමය අවධාරණය කරයි.

එහි දී කිසියම් පුද්ගලයකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතාමත නොව රටේ යහපත මත පදනම්ව කාලීන තීරණ ගැනීම අවශ්‍ය වෙයි. රටේ අර්බුද විසඳා ගැනීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිලාෂය ද වන බැවින් රට තවදුරටත් ව්‍යාකූල තත්වයට පත්වීම වැළැක්වීමට සහ සමාජ, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය යථා තත්යට පත්කිරීමටත් සෑම මන්ත්‍රීවරයකු ම වගකීමෙන් කටයතු කළ යුතුයැයි ද එම නිවේදනයේ දක්වා ඇත.

එමෙන් ම එම සංගමය විරෝධතා කරුවන් විසින් අල්ලාගත් රජයේ පරිශ්‍ර නැවත භාරදීම පිළිබඳව ද ඇගයීමක් කර ඇති අතර මෙ බල සංක්‍රාන්ති අවස්ථාවේ දී එයට බාධාවක් වන ක්‍රියාවලින් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

Related articles

error: Content is protected !!