පාර්ලිමේන්තුව අද (16) උදෑසන රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදුකරන ලදී. ඉන් පසු එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ජූලි මස 19 වැනි දා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරා පත්කරගැනීම සඳහා නාම යෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා බාර දෙන්නේන නම් ඒ සඳහා ඡන්ද විමසීම ලබන 20 වැනි දා පැවැත්වෙන බව ද මහ ලේකම්වරයා කීවේය.
ඉන් පසු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල්තැබිණි.


