26.7 C
Galle

ඉන්ධන බෙදීමේ අලුත් ක්‍රමයක්. සෑම කෙනෙකුටම දින දෙකක් තෙල්

Published:

සෑම පුද්ගලයකු ම ඉන්ධන ලබාගත හැකි ක්‍රමවේදයක් කඩිනමින් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහය ඇතිව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම ක්‍රමවේදය හඳුන්වාදීම සිදුකරයි. ඒ සම්බන්ධ සාකච්ඡාවක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

එහි දී එක් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත සඳහා ඕනෑම මාදිලියක එක් වාහනයකට ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිතය.ජාතික හැඳුනුම්පතේ අංකය, වාහනයේ චැසි අංකය ඇතුළත් QR කේතයක් යොදා ගනිමින් වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම් අනුව සතියකට දින 02ක් ඉන්ධන ලබාගැනීමේ හැකියාව මෙම ක්‍රමයෙන් ලැබෙනු ඇත.

ඉන්ධන අර්බුදය සම්පූර්ණයෙන් අවසන් වනතුරු මෙම ක්‍රමය පවත්වාගෙන යාමට යොජිත අතර එය ඉන්ධන බලපත්‍ර ක්‍රමයකි.

Related articles

error: Content is protected !!